රටේ දේශපාලනය ගැන කතාකරන දේශපාලන පක්ෂවල හා ජනතාවගේ වැඩිම අවධානය මේ වනවිට ඌව පළාත දෙසට යොමු වී තිබේ. ඒ ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත්වී තිබීම නිසාය.ඌව පළාත් සභාවට තරග කිරීමට බලාපොරොත්තු වන සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් තෝරාගැනීමට මේ දිනවල කටයුතු කරන අතර, ඌව පළාත තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුද ආරම්භ කර තිබේ. මේවනවිට ශ්‍රී ලාංකික ඡන්ද දායකයාගේ සැලකිය යුතු අවධානයක් දිනාසිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඌව පළාත් සභාව සඳහා සූදානම් වන ආකාරය සහ ඌව පළාත තුළ සිදුකිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව \'අද\' එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග කතාබහක නිරත විය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com