මොනරාගල ප්‍රචණ්‌ඩ වැඩ වැඩිවේ
බදුල්ල දිස්‌ත්‍රික්‌කයට සාපේක්‍ෂව මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය දැඩිලෙස වර්ධනය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
පක්‍ෂ කාර්යාලවලට හානි කිරීමේ පැමිණිලි 41 න් 40 ක්‌ම මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් පමණක් වාර්තාවීම විශේෂත්වයක් බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (3දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ජනතා විමුක්‌ති පෙරමුණේ කාර්යාල 20 ක් එක්‌සත් ජාතික පක්‍ෂයේ කාර්යාල 19 ක් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හා ස්‌වාධීන කණ්‌ඩායමක එක් කාර්යාලයක් බැගින් හානිකිරීම් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයිද හෙතෙම කීය.
එමෙන්ම ඊයේ (03 වැනිදා) දිනය වනවිට නීති විරෝධී ප්‍රචාරණ කටයුතු හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 120 ක් ලැබී ඇති බවත් ඉන් 73 ක් මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් බවත් කී ඒ මහතා නීති විරෝධී පක්‍ෂ කාර්යාල පිහිටුවීම් පිළිබඳ පැමිණිලි 34 ක් ඒ අතර වන බවද කියා සිටියේය.
පහරදීම් පිළිබඳ පැමිණිලි 05 ක් බදුල්ලෙන් වාර්තා වී තිබේ. අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගෘහ භාණ්‌ඩ, කෘෂි උපකරණ, වතුර මෝටර්, සෙවිලිතහඩු ඇතුළු භාණ්‌ඩ බෙදාදීම් රැසක් තවමත් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
පොලිසිය බදුල්ලේ මැතිවරණ නීති ආරක්‍ෂා කිරීමට යම්තාක් දුරට කටයුතුකර ඇතත් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ නිසි අයුරින් ආරක්‍ෂක කටයුතු සිදුනොවන බවත් මැතිවරණයෙන් පසුව පළිගැනීම්වලට ලක්‌වනු ඇතැයි බියෙන් දැන් තමන් ආරක්‍ෂා වෙමින් නීතිය ආරක්‍ෂා කිරීමේ ක්‍රමවේදයක් සමහර පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කර ඇතැයි කීය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com